රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමේ දී ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

/*! elementor – v3.19.0 – 05-02-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමේ දී ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ (Lanka Confectionary Manufacturers Association – LCMA) 30 වන මහා සභා රැස්වීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 24 දින පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවත්විණි. මෙහිදී උත්සව සභාව අමතමින් රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එමෙන්ම කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය. හලාවත සහ කුරුණෑගල වතුයායට අයත් සියලු ඉඩම් මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඇල්කඩුව ඇතුළු අනෙකුත් ඉඩම් ද මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ අතර තවමත් භාවිතයට ගෙන නොමැති මහවැලි ඒ සහ බී කලාපවල වගාවන් ප්‍රවර්ධනය කිරීම තුළින් මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේම රට තුළ තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ජාතික ඵලදායීතා කොමිසම ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනෙකුත් රටවල් සමග පවතින නිදහස් වෙළෙද ගිවිසුම් සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම් ශක්තිමත් කර ගැනීමට රජය පියවර ගනිමින් සිටින බවද කියා සිටියේය.එසේම තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය ඇතුළු ක්ෂේත්‍ර නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙන බවත් පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 08ක පමණ මුදලක් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. මෙහිදී ජාතික ආර්ථිකයට රසකැවිලි කර්මාන්තය තුළින් ලබා දෙන දායකත්වය වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයින් අට දෙනෙකු වෙනුවෙන් ඇගයීම් සම්මාන පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි. මැලිබන් නිර්මාතෘ ඒ.ජී. හින්නි අප්පුහාමි, කැන්ඩොස් නිර්මාතෘ උපාලි විජේවර්ධන, Elephant House නිර්මාතෘ ආතර් වොන් පොස්නර්, මංචි නිර්මාතෘ මේනක වික්‍රමසිංහ, මෝතා නිර්මාතෘ ජූලියස් මෝතා, උස්වත්ත නිර්මාතෘ පී.ජේ.සී. පෙරේරා, ලකි ලෑන්ඩ් නිර්මාතෘ සිංහසාමි මුත්තයියා, චෙරිස් බිස්කට් නිර්මාතෘ විධානගේ ජෝන් අප්පුහාමි යන මහත්ම මහත්මින් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමිනි. ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය. මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙතද සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද සිදුකෙරිණි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන් ප්‍රමුඛ ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. /*! elementor – v3.19.0 – 05-02-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

‘ෆෝ සීරෝ (4.0) ගී රසෝඝය’

/*! elementor – v3.19.0 – 05-02-2024 */ .elementor-heading-title{padding:0;margin:0;line-height:1}.elementor-widget-heading .elementor-heading-title[class*=elementor-size-]>a{color:inherit;font-size:inherit;line-height:inherit}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-small{font-size:15px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-medium{font-size:19px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-large{font-size:29px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xl{font-size:39px}.elementor-widget-heading .elementor-heading-title.elementor-size-xxl{font-size:59px} ‘ෆෝ සීරෝ (4.0) ගී රසෝඝය’ කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ‘ කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ ‘ෆෝ සීරෝ (4.0) ගී රසෝඝය’ ජනවාරි 20 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදී රෝහණ බෝගොඩයන්ගේ ස්වර මාධූර්යයට  සුනිල් එදිරිසිංහ , කීර්ති පැස්කුවල් සහ ශෂිකා නිසංසලා සිය හඩ මාධූර්යය එක්කලහ. ජාතික රූපවාහිනියේ අසේල සහ සදමාලි ප්‍රසංගය මෙහෙයවීම සිදුකලහ. මෙම ‘ෆෝ සීරෝ (4.0) ගී රසෝඝය’ තුළින් උපයන මුදල් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත සංවර්ධන අරමුදලට බැර කෙරෙන අතර කර්මාන්ත සංවර්ධන අරමුදල මගින් මෙරට කර්මාන්ත සංවර්ධනය උදෙසා ඉතා සහනදායි අඩු පොලී ණය අනුපාත යටතේ ක්ෂුද්‍ර , සුළු , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් මූල්‍ය ණය ප්‍රදානය කිරීම සිදුකෙරෙයි. මෙම කර්මාන්ත සංවර්ධන අරමුදල 1969 කර්මාන්ත සංවර්ධන පනත යටතේ ආරම්භ කළයුතුව තිබුනත් නොයෙක් හේතුන් මත එය ආරම්භ නොවී තිබී මිලියන 10 මූල්‍ය තැන්පතුවකින් මුල්වරට ආරම්භ කරනු ලබන්නේ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය හා මැදිහත්වීමෙනි. ඒ අනුව පසුගිය 2023 වසරේ ජුනි 22 වෙනිදා මෙරට ප්‍රථම වරට සමරනු ලැබූ ජාතික කර්මාන්ත දිනය මුල්කොට ගෙන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි පවත්වනු ලැබූ Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත සංවර්ධන අරමුදල ආරම්භ කෙරුනි. එම කර්මාන්ත සංවර්ධන අරමුදල තුළින් 2023 සැප්තැම්බර් 18 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි Industry ණය යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණු අතර මේ වනවිට දිවයින පුරා හදුනාගත් ක්ෂුද්‍ර , සුළු , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් මිලියන 14 කට අධික ණය මුදල් ප්‍රදානයන් සිදුකොට තිබෙයි. එමෙන්ම තවත් මිලියන 25 ක ණය මුදල් ප්‍රදානයන් සදහා මේවනවිටත් ව්‍යවසායකයින් හදුනාගෙන තිබෙන අතර එම ණය මුදල් කඩිනමින් ප්‍රදානය කිරීමටත් මේවනවිට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු සිදුකරමින් සිටියි. මෙම කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සිදුකරමින් සිටින අතර විවිධ පුද්ගලයන් සහ ආයතනයන්ද විවිධ ප්‍රමාණයන්ගෙන් මූල්‍ය ප්‍රදානයන් කර්මාන්ත සංවර්ධන අරමුදලට එක් කරමින් සිටියි. එයින් එක් අවස්ථාවක් වන්නේ ‍යුනිලිවර් ආයතනය මිලියන 10 ක මුදලක් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිර්‍ර්මයි. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සේවකයනුත් ක්‍රියාවෙන්ම රටට ආදර්ශයක් පෙන්වමින් සිය දිනක වැටුප පසුගියදා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනයට ප්‍රදානය කිරීම සිදුකෙරිණි. එය සැබවින්ම අභිමානනීය අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත. /*! elementor – v3.19.0 – 05-02-2024 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}

තෛපොන්ගල් සැමරුම් උත්සවය

තෛපොන්ගල් සැමරුම් උත්සවය කර්මාන්ත අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශයේ සුභ සාධක සංගමයේ සහය ඇතිව සංවිධානය කරන ලද තෛපොන්ගල් සැමරුම් උත්සවය අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 16 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. හින්දු දින දර්ශණය අනුව හින්දු භක්තිකයින් විසින් තෛයි (ජනවාරි) මාසයේ පළමු දිනය ලෙස තෛපොන්ගල් දිනය සමරනු ලබන අතර කෘෂිකර්මාන්තයේදී වැදගත් වන අව්ව ,වැස්ස , සුළං වැනි පාරිසරික සාධක නිසි කළට ලබාදීම වෙනුවෙන්, නෙළාගත් අස්වැන්නේ පළමු කොටස සූර්ය දෙවියන්ට පූජා කරමින් සූර්ය දෙවියන්ට කෘතගුණ සැලකීමත් සුර්ය දෙවින්ගේ ආශිර්වාදය ලබාගැනීම උදෙසාත් මෙම තෛපොන්ගල් සැමරුම සිදු කරයි. කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කළ මෙම තෛපොන්ගල් සැමරුම් උත්සවයේදී වයිතීස්වර කුරුක්කල්තුමා විසින් ගණපති පූජාව හා සූර්ය පූජාව පවත්වා ආශිර්වාද ලබාගත් අතර අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය විසින් සංස්තෘතිකාංග කිහිපයක්ද ඉදිරිපත් කරන ලදී. වැල්ලවත්ත අභිනයා ක්ෂේත්‍රා රංගායතනයේ ( school of Dancing) දැරියන් විසින් තෛපොන්ගල් දිනය සංකේතවත් කරමින් විශේෂ සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කරන ලදී.  මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, තෛපොන්ගල් දිනයේ මූලික අරමුණ වන කෘතගුණ සැලකීම පෙරදැරිකරගත් කරුණාව, දයාව, ආදරය තුළ විශ්වීය සාමය හා සංහිදියාව පවතින බව සදහන් කළාය. අමාත්‍යාංශයේ මෙම තෛපොන්ගල් දින සැමරුම් උත්සවය සදහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ප්‍රමුඛ සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගි විය.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශණයක්.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශණයක්. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමේ අරමුණින්  කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ” International Industry Expo 2024 Sri Lanka ” පළමු අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2024 ජුනි 19 සිට 23 දක්වා දින 5 ක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබෙයි. ඒ පිළිබඳව මූලික සාකච්ඡාවක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී ජනවාරි 17 දින පැවැත්විණ. අන්තර්ජාතික ආයෝජකයින් හා ගැනුම්කරුවන් ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම මෙම අන්තර්ජාතික ප්‍රදර්ශනය හරහා බලාපොරොත්තු වන අතර ප්‍රදර්ශනයට රටවල් විස්සකට අධික සංඛ්‍යාවක ආයෝජකයින්, කර්මාන්තකරුවන් හා ගැණුම්කරුවන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරයි. දේශීය හා විදේශීය ප්‍රදර්ශයින්ගේ 1000 කට අධික වෙළදකුටි සංඛ්‍යාවකින් සැදුම්ලත් මෙම දැවැන්ත ප්‍රදර්ශනය අන්තර්ජාතික සම්මන්ත්‍රණ, කර්මාන්ත සම්මන්ත්‍රණ, ලංකාවට ආවේණික ඇදුම් විලාසිතා ප්‍රදර්ශන, දේශීයව එකලස් කරන ලද වාහන පෙරහැර, නවෝත්පාදන නිෂ්පාදන කර්මාන්ත ආදියෙන් සමන්විත වේ. මෙම ” International Industry Expo 2024 Sri Lanka” ප්‍රදර්ශණය පිළිබද සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, විදේශ කටයුතු, සංචාරක, වෙළද අමාත්‍යාංශ වල කිලධාරීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

‘ Inco 2024 ‘ කර්මාන්ත ප්‍රදර්ශනය

‘ Inco 2024 ‘ කර්මාන්ත ප්‍රදර්ශනය ‘ Inco 2024 ‘ කර්මාන්ත ප්‍රදර්ශනය කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් , ජනවාරි 12 දින උදෑසන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතනය ( Institution of Incorporated Engineers Srilanka – IIESL) විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වූයේ 18 වෙනි වරට වන අතර ‘ආර්ථිකය සංවර්ධනය සදහා කර්මාන්ත හා තාක්ෂණය’ මෙවර ප්‍රදර්ශනයේ තේමාව විය. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය වරයා සදහන් කළේ නිෂ්පාදන කර්මාන්තය දියුණු නොවීම රටේ ආර්ථික සංවර්ධනය අඩාලවීමට මූලික හේතුවක් වී ඇති බවත් එනිසා රට ආර්ථිකව සංවර්ධනය කිරීමට නම් අප ආනයනය අඩුකොට , ආනයන ආදේශන නිෂ්පාදන වැඩිකොට , අපනයන නිෂ්පාදනයන්ද වැඩිකරමින් අපනයනය වැඩිකළ යුතු බවයි. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ එලෙස සිදුකිරීමට අවශ්‍ය සියළු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රජයක් ලෙස ගෙන රටේ දේශීය නිෂ්පාදනයන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කරන බවයි. මෙම ප්‍රදර්ශනයට ප්‍රදර්ශන කුටි 180 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කොට තිබූ අතර ඒ සදහා රටේ නිෂ්පාදන කර්මාන්තකරුවන් , කර්මාන්ත ක්ෂේත්‍රය හා බැදුනු රාජ්‍ය ආයතන , පාසල් , විශ්ව විද්‍යාල සිසුන් ප්‍රමුඛ අනෙකුත් නවෝත්පාදකයන්ද එක්ව සිටියහ. මෙම අවස්ථාවට IIESL සභාපති භද්‍රානි තෝරදෙනිය , INCO සභාපති ඉංජිනේරු සෙනරත් රැකෝගම ඇතුළු INCO , IIESL නිළධාරින් , විවිධ කර්මාන්ත ආයතනවල නිළධාරින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ. 

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය – Facets Sri Lanka 2024

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය – Facets Sri Lanka 2024 ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වූ Facets Sri Lanka 2024 ප්‍රදර්ශනය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු දෙස්විදෙස් සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් ජනවාරි 12 දින උදෑසන Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ Atrium Lobby හිදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) යනු මැණික් ආශ්‍රිත නිෂ්පාදන, තොග සහ සිල්ලර වෙළඳාම හරහා පතල් කැණීමේ සිට සියලුම කර්මාන්ත උප අංශවල අවශ්‍යතා නියෝජනය කරන ඉහළම පෞද්ගලික අංශයේ සංවිධානය වන අතර මෙම ප්‍රදර්ශනයට රටවල් රැසක හදුනාගත් ගැනුම් කරුවන් විශාල ප්‍රමාණයක් මෙන්ම දෙස් විදෙස් තවත් ගැනුම් කරුවන් විශාල ප්‍රමාණයක් සහභාගි වීමට නියමිත වෙයි. වසර 2500 ක් පුරා පැතිරී ගිය අපගේ මැණික් කර්මාන්ත ඉතිහාසය තුළ ලෝකය තුළ නිල් මැණික් ප්‍රමුඛ අනෙකුත් මැණික් වෙනුවෙන් අත්කොට ගෙන ඇති කීර්තිය සමඟින් හොද අපනයන වෙළෙඳ වේදිකාවක් මෙම ප්‍රදර්ශනය හරහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ට නිර්මාණය වන අතර නරඹන්නන්ට ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත් මැණික් කර්මාන්තය පිළිබඳ දුර්ලභ දර්ශනයක් ලබා දීමට මෙන්ම නව තාක්ෂණ හා මුසුවූ නවෝත්පාදන සහිත මැණික් කර්මාන්තය පිළිබඳව දැනුමක් සඳහා මාස්ටර්පීස් මණ්ඩපයක් ( Masterpiece Pavilion) සහ තිරසාර මණ්ඩපයක් ( Sustainability Pavilion ) නිර්මාණය කොට තිබෙයි.  නිල් සහ කහ නිල් මැණික් ඇතුළු ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මැණික් වර්ග රැසක් ප්‍රදර්ශනය කෙරෙන Facets Sri Lanka 2024 ප්‍රදර්ශනය එළඹෙන 8 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත වෙයි. මෙම අවස්ථාවට  හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි , විදෙස් තානාපතිවරුන් , මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති , අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුළු රාජ්‍ය නිළධාරින් , SLGJA හි සභාපති අජ්වර්ඩ් ඩීන් ඇතුළු දෙස්විදෙස් සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

‘ ශිල්ප අභිමානී 2023 ‘ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල

‘ ශිල්ප අභිමානී 2023 ‘ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල කර්මාන්ත අමාත්‍යංශය , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය හා එක්ව සංවිධානය කළ  ‘ ශිල්ප අභිමානී 2023 ‘ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.  මූලික හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 31 යටතේ අනු ක්ෂේත්‍ර 66 ක් වෙනුවෙන් විශේෂ සම්මාන 2 ක් , ස්වර්ණ , රිදී , ලෝකඩ ඇතුළු සම්මාන 414 ක්  මෙහිදී සම්මානය ප්‍රදානය කෙරිණි.  මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ , අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් , අමාත්‍යංශ ලේකම්වරුන් , ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ ඇතුළු රාජ්‍ය නිළධාරින් , හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්වූහ.

කර්මාන්ත අමාත්‍යංශය නව වසරේ වැඩ ආරම්භ කිරීම

කර්මාන්ත අමාත්‍යංශය නව වසරේ වැඩ ආරම්භ කිරීම අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණෙන් එළඹුණු 2024 වර්ෂයත් රටේ කර්මාන්ත ප්‍රවර්ධනය උදෙසා නොපිරිහෙලා සිය වගකීම් හා යුතුකම් ඉටුකිරීම සදහා රාජ්‍ය ප්‍රතිඥාව ලබාදෙමින් කර්මාන්ත අමාත්‍යංශය නව වසරේ වැඩ ආරම්භ කිරීම ජනවාරි 01 දින උදෑසන කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර ප්‍රමුඛ සමස්ථ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ගෙවුණු 2022 සහ 2023 වසර රටේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වයට අමාත්‍යංශයේ සියළු දෙනාටම සිය හෘදයාංගම ස්තුතිය පුදකරන බවත් , එළඹුණු 2024 අභියෝගාත්මක වසරත් රටේ කර්මාන්ත නගාසිටුවීම උදෙසාම කටයුතු කිරීමට සියළු දෙනාම ඇපකැප වියයුතු බවත්ය. 

තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන (4 i වැඩසටහන)

තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන (4 i වැඩසටහන) කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන තරුණ ව්‍යවසායකයින් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන (4I වැඩසටහන) සඳහා තෝරාගැනුනු ව්‍යවසායකයින් හට තම ව්‍යාපාර සඳහා සුදුසු උපායක්‍රමික සැලැස්මක සකස් කරගන්නා ආකාරය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2023 දෙසැම්බර් 16 දින ගම්පහ දිස්ත්‍රක් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ එම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදුන් අතර, මෙහිදී ව්‍යාපාරයක් සඳහා උපායක්‍රමික සැලැස්මක් සකස් කරගැනීමේ වැදගත්කම පිළිබඳව මෙන්ම ව්‍යාපාරයට ගැලපෙන ආකාරයට උපායක්‍රමික සැලැස්මක් සකස් කරගන්නා ආකාරය පිළිබඳව සවිස්තරාත්මක අවබෝධයක් ව්‍යවසායකයින් හට ලබාදීමට කටයුතු කෙරිණි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. පාඬිකෝරාළ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්. කිත්සිරි මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.ටී.එච්.ආර් විතාන මහතා සහ කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කේ.එම්. රිස්වි මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මෙම වැඩසටහන මගින් තම ව්‍යාපාර සඳහා වැටිනා දැනුම් සම්භාරයක් ලබාගත් බව වැඩසටහන අවසානයේ අදහස් දැක්වූ ව්‍යවසායක මහත්ම මහත්මීන් විසින් ප්‍රකාශ කළහ.

Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අති සාර්ථකව නිමාවට පත්වේ..

Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අති සාර්ථකව නිමාවට පත්වේ.. කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත දින තුනක් ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී අති සාර්ථකව ක්‍රියාත්මක වූ Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය නිමාවට පත්කරමින් එහි සමාප්ති උත්සවය කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර්  30  දින සන්ධ්‍යාවේ පැවැත්විණි. උත්සව සභාව අමතමින් කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේ ප්‍රදර්ශනය සදහා සහභාගී වූ සියළුම ව්‍යවසායකන් සහ අනුග්‍රහය දැක්වූ අනුග්‍රහක භවතුන් වෙත ස්තූතිවන්ත වන බවත් මෙවැනි ප්‍රදර්ශන සංවිධානය කිරීම වෙනුවෙන් ලංකා කාර්මික මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය අගය කර සිටින බවත්‍ ය. එමෙන්ම අපනයන කේන්ද්‍රීය නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැංවීමේ අරමුණින් ආරම්භ කරන ලද වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස මෙම කර්මාන්ත ප්‍රදර්ශනත් තවත් පියවරක් ලෙස පාසල් ළමුන් තුළ ව්‍යවසායකත්ව සංවර්ධනය උදෙසා ආරම්භ කළ පාසල් ව්‍යවසායකත්ව වැඩසටහනත් හැදින්විය හැකි බවත් එතුමන් පැවසීය. තවද දිස්ත්‍රික්ක තුනක් මුල් කර ගනිමින් කර්මාන්තපුර ඇති කිරිමත්, Industry Ceylon ත්‍රෛයි මාසික කර්මාන්ත සගරාව ආරම්භ කිරිම සහ Peo Tv 130 ඔස්සේ විකාශය කිරීමට ” INDUSTRY TV” නාලිකාව ආරම්භයත් කර්මාන්ත සහ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය උදෙසා සිදු කළ බව කර්මාන්ත අමාත්‍යතුමන් වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට එක්වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා සදහන් කළේ, අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ප්‍රදර්ශනය විශාල පිටුවහලක් වන බවත් එය හුදෙක් භාණ්ඩ අලෙවිය පමනක් නොව තාක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වයට අවශ්‍ය සම්බන්ධතා ගොඩ නගා ගැනීමට අත්වැලක් වන බවයි. එමෙන්ම මෙම කර්මාන්ත ප්‍රදර්ශනය නිසාවෙන් මුළු ගාල්ල නගරයම අද ප්‍රදර්ශන භුමියක් වී ඇති බවත් මෙවන් පසු බිමක් තුළ මෙම ආර්ථික අර්බුදයෙන් මිදීම වැඩි ඇතක නොවන බවත් එතුමා වැඩිදුරටත් පැවසීය. මෙහිදී කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදු කෙරුණු අතර එහි ප්‍රථම ත්‍යාගය සදහා ලුමාලා ආයතනයත් දෙවන සහ තෙවන ත්‍යාග සදහා කල්හාරි එන්ටර්ප්‍රයිසස් ආයතනයත් අනුග්‍රහය දැක්වීය. එමෙන්ම මෙම දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සදහා දායක වූ අනුග්‍රාහක ව්‍යාපාර ආයතන සදහා සමරුඵලක ප්‍රදානයද කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් සිදු කෙරුණී. මෙම අවස්ථාවේදී කර්මාන්ත ප්‍රදර්ශනයට සහභාගී වූ ව්‍යවසායක මහත්ම මහත්මීන් සදහා සහභාගීත්ව සහතික පිරිනැමීමද සිදු කෙරුණී. මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , ලංකා කාර්මික මණ්ඩලයේ නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය , රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිළධාරින් , කර්මාන්තකරුවන් , ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.