Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි අවසාන දිනය අභිමානවත්ව ඇරඹේ.
Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි අවසාන දිනය අභිමානවත්ව ඇරඹේ. කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත එතුමන්ගේ නායකත්වය යටතේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි අවසාන දිනය මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් , එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉසුරු දොඩංගොඩ, වීරසුමන වීරසිංහ ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී දෙසැම්බර් 30 දින උදෑසන ආරම්භ කෙරිණි. දකුණු පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් දකුණු පළාත් ජනතාවට අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු කරනු ලබයි. මෙම ප්‍රදර්ශන භූමිය තුළ කර්මාන්ත ක්ෂේත්‍ර 20 ප්‍රදර්ශන කුටි 300ක් අන්තර්ගතවෙයි. එහීදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සදහන් කළේ, අප දියුණු රටක් වීමට නම් සංවර්ධිත චීනය වැනි රටවල් වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුගමනය කරමින් වල් බූරූ නිදහස සීමා කළ යුතු බවත් කාලීනව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් ය. එමෙන්ම රටක් ලෙස අප බේදීම් පසෙකලා අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් රට ඉදිරියට යාමට නම් පාලකයන් රට නිවැරදිව හැසිරවිය යුතු බව හා ජනතාවගේ කැපවීම ද අවශ්‍ය බව එතුමන් වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට එක්වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සදහන් කලේ, කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අනෙක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙලෙස දකුණු පළාත තුළ කර්මාන්ත ප්‍රදර්ශනයක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවයක් සපුරාලන බවත් , රජයක් විදියට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණු වෙනුවෙන් විධිමත් ඉලක්කගත වැඩපිළිවෙළක් තවදුරටත් ක්‍රියාත්මක කළයුතු බවත්ය. එමෙන්ම කර්මාන්ත ක්ශේත්‍රය සදහා ප්රතිපත්තීමය දැක්මක් අවශ්‍ය බවත් චීනය සහ වියට්නාමය වැනි රටවල් ලොව දැවැන්තයින් වී ඇත්තේ කර්මාන්ත කේෂ්ත්‍රයේ දියුණුව නිසා බවත් වැඩිදුරටත් සදහන් කළේය. එහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සදහන් කර සිටියේ, නවීන තාක්ෂණය අපගේ සාම්ප්‍රදායික කර්මාන්ත සදහා යොදා ගන්නේ කෙසේ ද යන්න පිළිබද අප වැඩි අවධානයක් ලබා දෙන්නේ නම් විදේශීය වෙළෙඳපොළ ජය ගත හැකි බවත් දේශීය මුල්‍ය අර්බුදය හමුවේ ව්‍යවසායකයින් පසු නොබැස කැපවීමෙන් ඉදිරියටත් යායුතුව ඇති බවත් ය. එමෙන්ම මධ්‍යම පළාත නියෝජනය කරමින් පැවැත්වූ කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට ශක්තියක් වූ කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු එම කාර්යමණ්ඩලයට එතුමන්ගේ ස්තුතිය ද එම අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටියේය. මෙහිදී ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ මහතා සදහන් කළේ, රටක් ලෙස වැටුණු තැනින් නැගී සිටීමට නම් පාසල් මට්ටමේ සිට මෙම ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතු බවත් ඒ සදහා මෙවැනි ප්‍රදර්ශන විශාල පිටුවහලක් වන බවත් වැඩිදුරටත් පැවසීය. එමෙන්ම හම්බන්තොට සෙරෙක්ටාර් පේන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධිපති ඊ. කේ. කේ සිරිවර්ධන මහතා සදහන් කළේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඔහුගේ කාර්මාන්තය මෙවැනි දියුණු මට්ටමකට ගෙන ඒමට විශාල ශක්තියක් වූ බවත් එම ලබා දුන් සහය සහ මග පෙන්වීම සෑම විටම අගය කර සිටින බවත්ය. මෙම කර්මාන්ත ප්‍රදර්ශනයේ මධ්‍යම පළාත් ප්‍රදර්ශනයට සමගාමීව විවෘත කළ පිත්තල කර්මාන්ත තාක්ෂණය සංවර්ධන ජාතික මධ්‍යස්ථානය මගින් නිර්මාණය කර ඉදිරිපත් කරන පිත්තල වලින් නිෂ්පාදිත ජාතික අභිමාණය දැක්වෙන ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවෙහි අනුරුව පැමිණි සිටි සම්භාවනීයන් වෙත පිරිනැමීමද සිදුකෙරිණි. මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිළධාරින් , අනෙකුත් රාජ්‍ය ආයතන නිළධාරින්, ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.
Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය අභිමානවත්ව ඇරඹේ…
Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය අභිමානවත්ව ඇරඹේ… අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා ප්‍රධානත්වයෙන් , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතාගේ සම්භාවනීය සහභාගිත්වයෙන් ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී දෙසැම්බර් 29 දින උදෑසන ආරම්භ කෙරිණි. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් දකුණු පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු කරනු ලබයි. එහීදී අදහස් දක්වමින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මහතා සදහන් කළේ , රටක් ලෙස අප යැපුම් මානසිකත්වයෙන් තොරව ස්වයංව නැගී සිටීමට අවශ්‍ය බවත් ඒ සදහා ව්‍යවසායකත්වය ශක්තිමත්ව පැවතිය යුතු බවත් ය. එමෙන්ම මෙරට සේවා ආර්ථිකයට සාපේක්ෂව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත්ව පවතින්නේ නම් කොරෝනා වැනි අර්බුද හමුවේ රටක් ලෙස ශක්තිමත්ව මුහුණ දිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. ඒ අනුව ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් රට සංවර්ධනය කරා ගමන් කරවීම රජයේ අපේක්ෂාව බවත් ඒ සදහා මෙවර අයවැය ද වැඩි අවදානය යොමු කර ඇති බවත් එතුමා තවදුරටත් සදහන් කළේය. මෙම අවස්ථාවට එක්වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතා සදහන් කළේ මේ වන විට රටක් හැටියට අප ආර්ථිකමය වශයෙන් පසුගාමී මට්ටමක සිටින බවත් අපනයන ආදායමට වඩා ආනයන ආදයම වැඩි බවත් ය. එබැවින් අප කර්මාන්ත ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. එහිදී අදහස් දක්වමින් මාතර දිස්ත්‍රික්කයේ ප්රීලන් පුද්ගලික සමාගමේ අධිපති බී.ජී ජයරත්න මහතා සදහන් කලේ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේ ගිය වසරේ ප්ලැටිනම් සම්මානය සහ මෙම වසරේ රන් සම්මානය දිනා ගැනීම දක්වා පැමිනීමට තමන් ආරම්භයේ සිටම විශාල කැප කිරීම් කර්මාන්තයක් ලෙස සිදු කල බවයි. එමෙන්ම කර්මාන්තකරුවන් ලෙස රටක් ඉදිරීයට ගැනීමට අවශ්‍ය පරිසරය මෙවැනි ප්‍රදර්ශන හරහා ඇති කිරීම ඉතා වටිනා කාර්යක් බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළේය. එමෙන්ම මේ අවස්ථාවට එක්වූ මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා සදහන් කළේ විභවයක් සහිත නව නිපැයුම්කරුවන් ලංකාවේ සිටියද ඔවුනට ඉදිරියට ඒමට අවශ්‍ය අවස්ථාවන් ඉතාම අඩුය. එබැවින් නව නිපැයුම්කරුවන් සහ ව්‍යවසායකයන්හට රජයක් ලෙස අප සහන ලබා දී දිරිමත් කළ යුතු බවත් වැඩි දුරටත් සදහන් කළේය. මෙම අවස්ථාවට දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විදුර ප්‍රසන්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ගාල්ල මහා දිසාපති ශාන්ත වීරසිංහ ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අභිමානවත්ව ඇරඹේ.
Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අභිමානවත්ව ඇරඹේ… අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු සම්භාවනීය ආරධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් 28 දින උදෑසන ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් තුළ නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් මෙන්ම දකුණු පළාතට අනන්‍යවූ කර්මාන්ත රැසක්ද Industry 2023 Galle Edition කර්මාන්ත ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර කර්මාන්ත ගැන දැනුවත් වෙමින් නව කර්මාන්තයන් ආරම්භ කරමින් ව්‍යවසායකයකු වීමට කැමති සැමට ඊට අදාළ අවස්ථාවන් උදාකර දීමද සිදුකොට දී තිබෙයි. එහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය. ” පසුගිය කොරෝනා සමය සහ ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ව්‍යවසායකයන් වෙහෙසකට පත්වුනා. නමුත් එවැනි අපහසු කාලසීමව තුළත් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩොලර් මිලියන 13.1 ක් උපයා ගන්නට හැකිවුනා. ව්‍යවසායකත්වය දියුණු නොකිරීමේ විපාක අප පසුගිය කාලය තුළ භුක්ති වින්දා. රටක් ආර්ථිකමය වශයෙන් ස්ථාවර වීමට නම් ශක්තිමත් කර්මාන්ත ආර්ථිකයක් අවශ්‍යයි. එම අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම ප්‍රදර්ශන මාලාව පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම සාම්ප්‍රදායිකව අපනයන ආදායම් ලබා දෙන තේ සහ ඇගලුම් කර්මාන්ත කේෂ්ත්රයන්ට අමතරව ගිය වසරේ මෙන්ම මෙම වසරේදීත් සුළු ඉලෙක්ට්‍රෝනික උපාංග, විදුලි ඉංජිනේරු කේෂත්රය, ඖෂධ නිෂ්පාදනය, රූපලාවණ්‍යය කේෂ්ත්‍රය සහ ස්වර්ණාභරණ සහ මැණික් ආශ්රිත නිෂ්පාදන යන කේෂ්ත්‍ර ඉදිරියට ඒමේ ප්රවනතාවක් තිබෙනවා. එමෙන්ම පසුගිය වසර දෙක තුළ අප හදුනා ගත්තා මෙරට තුළ දියුණු කළ යුතු ආරක්ෂා කළ යුතු අංශ ගනනාවක් තිබෙන බව. එම අංශ ප්‍රවර්ධනට කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් කටයුතු කරමින් සිටින බව කිවයුතුයි” මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සදහන් කළේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙරට කර්මාන්ත දියුණු කිරීමට සමගාමීව අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශන මෙන්ම ලබන වසර පුරාවට මෙරට සියලුම පළාත් වල කර්මාන්ත ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු කරන බවයි. එමෙන්ම රටේ ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන රටේ ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2.8% ක් වන අතර එය 2030 වන විට 10% දක්වා ප්‍රවර්ධනය කිරීම අපගේ අරමුණ බවත් එතුමිය වැඩි දුරටත් සදහන් කලාය. එහීදී අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සැනෝටා පුද්ගලික සමාගමේ අධිපති සහන් රණසිංහ මහතා සදහන් කළේ කර්මාන්ත ප්‍රදර්ශන පැවැත්වීම තුළින් කර්මාන්තකරුවන්ගේ ව්‍යවසායකත්වය පුළුල් කර ගැනීමටත් කුඩා, මධ්‍යම, ක්ශුද්‍ර සහ මහ පරිමාණ ව්‍යවසායකයින් අතර සම්බන්දතාව ප්‍රවර්ධනය වන බවයි. එමෙන්ම මෙම අවස්ථාවට එක්වු ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා කියා සිටියේ දකුණු පළාතේ ජනතාවට කර්මාන්ත ක්ෂේත්රයන් ඔස්සේ සිය ආර්ථිකය ඉහළ නංවා ගැනීමට මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හොද අවස්ථාවක් උදාකර දෙන බවයි. එමෙන්ම කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා අති දක්ශ අමාත්‍යවරයෙක් බව එතුමන් රටේ සංවර්ධනයට අවශ්‍ය අංශ හදුනා ගනිමින් කටයුතු කරන බවත් එතුමා වැඩි දුරටත් සදහන් කලේය. මෙම සමාරම්භක අවස්ථාවේදී තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් වෙනුවෙන් ලංකා බැංකුව මගින් ලබා දෙන ණය මුදල් ප්‍රධානයක් ද අමාත්‍යවරයා අතින් සිදුකෙරිණි. මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්, ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර, ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, කර්මාන්ත අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ. /*! elementor – v3.18.0 – 20-12-2023 */ .elementor-widget-image{text-align:center}.elementor-widget-image a{display:inline-block}.elementor-widget-image a img[src$=”.svg”]{width:48px}.elementor-widget-image img{vertical-align:middle;display:inline-block}
“යුගයට නිමවුම්” ප්‍රදර්ශණය, හස්ත කර්මාන්ත නව නිර්මාණ රැසක් එළිදකිමින් ඇරඹේ
“යුගයට නිමවුම්” ප්‍රදර්ශණය , හස්ත කර්මාන්ත නව නිර්මාණ රැසක් එළිදකිමින් ඇරඹේ හස්ත කර්මාන්ත ක්ෂේත්රයේ නව නිර්මාණ එළිදැක්වීම අරමුණුකරගත් “යුගයට නිමවුම්” 2023 හස්ත කර්මාන්ත ප්‍රදර්ශණය බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතුන්ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 18 දින විවෘත විය. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් 2007 වසරේ සිට වාර්ශිකව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශණය දෙසැම්බර් 18 හා 19 යන දෙදින පුරා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. “යුගයට නිමවුම්” හස්ත කර්මාන්ත ප්‍රදර්ශණය සදහා ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් පන් හා කෙදි, රතු මැටි, රෙදි පිළි, ආභරණ, ලාක්ෂා, පිත්තල, සම්, උණ හා වේවැල්, කොහු යන ක්ෂේත්රයන් ඔස්සේ සිදුකරන ලද නව නිර්මාණ 400 ක පමණ ප්‍රමාණයක් ප්‍රදර්ශණයට තබා ඇත. ජාතික ශිල්ප සභාව සමග එක්ව හස්ත කර්මාන්ත ක්ෂේත්රයේ නියලෙන ශිල්පීන්ගේ අළෙවි කුටි 30 ක්ද මෙම ප්‍රදර්ශණයට එක් කර ඇති අතර එමගින් තම නිෂ්පාදන අළෙවි කර ගැනීමේ අවස්ථාව ශිල්පීන්ට ලබා දී තිබේ. ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ රසායනික හා තාක්ෂණික පර්යේෂණ අංශයන් වල ක්‍රියාකාරකම් ඇතුලත් අංගයක්ද මෙම ප්‍රදර්ශණය තුළ ක්‍රියාත්මක වන අතර හස්තකර්මාන්ත නිෂ්පාදන සිදුකිරීමේදී ශිල්පීන් මුහුණදෙන තාක්ෂණික ගැටළු සදහා විසදුම් ලබා දීම මෙමගින් අපේක්ෂා කරයි. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම අනුව යමින් හස්තකර්මාන්ත නව නිර්මාණ ප්‍රවර්ධනය කිරීම, තාක්ෂණය හදුන්වා දීම, හස්තකර්මාන්ත නිෂ්පාදන සංරක්ෂණය කිරීම යන කරුණු සාක්ශාත් කර ගැනීම සදහා මෙවර ප්‍රදර්ශණය සංවිධානය කර ඇත. එසේම හස්ත කර්මාන්ත නව නිෂ්පාදන පිළිබදව ශිල්පීන්ගේ දැනුම වර්ධනය කිරීම හරහා මෙම ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත නිෂ්පාදන සදහා වෙළදපළ අවස්ථාව උදාකර දීමත් මෙම ප්‍රදර්ශණයේ අවශේෂ අරමුණු අතර වෙයි. ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද ආභරණ හා අනිකුත් විලාසිතා උපාංග එළිදැක්වීම හා ප්‍රවර්ධනය කිරීම සදහා මෙම ප්‍රදර්ශණයට සමගාමීව බතික් ආශ්රිත මෝස්තර දැක්මක්ද සංවිධානය කර ඇති අතර ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර සංවර්ධන අංශය විසින් සකස් කරනන ලද නව මෝස්තර සැලසුම් මූලාංග (මෝස්තර රටා) ඇතුලත් ග්‍රන්ථය එළිදැක්වීමද මෙහිදී සිදුකරන ලදී. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන වල සභාපතිවරුන්, හස්තකර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් බලගැන්වීමට ක්‍රියාත්මක කළ පුහුණු පාඨමාලාවන්හි සහතික පත්‍ර ප්රදානය සිදුකරයි.
ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් බලගැන්වීමට ක්‍රියාත්මක කළ පුහුණු පාඨමාලාවන්හි සහතික පත්‍ර ප්රදානය සිදුකරයි. ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් බලගැන්වීමේ අරමුණින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදාතා ඒකකය, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය හා පේෂකර්ම දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කළ පුහුණු පාඨමාලාවන් සාර්ථකව නිමකළ පුහුණුලාභීන් හට සහතිකපත්‍ර ප්රදානය කිරීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 18 දින රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේදී පැවැත්විණි. ඒ අනුව කාන්තා පාවහන්, තිර මුද්‍රණය, ළමා ඇදුම්, සාරි ජැකට්, ටී ෂර්ට්, මැසීමේ ක්‍රමවේදයන්හි තත්වය ඉහළ නැංවීම යන පාඨමාලා 6 හැදෑරූ පුහුණුලාභීන් 90 ක් සදහාත් පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන පේෂකර්ම පාසැල් වල උපදේශිකාවන් සදහා ක්‍රියාත්මක කළ නිමි ඇදුම් නිර්මාණකරණය හා නිෂ්පාදන ප්‍රවර්ධනය පිළිබද පාඨමාලාව නිමකළ උපදේශිකාවන් 15 දෙනෙක් සදහාත් වන ලෙස මුළු පුහුණුලාභීන් 105 දෙනෙක් සදහා සහතිකපත්‍ර ලබාදෙන ලදී. ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් මෙම වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය සිදුකළ අතර පුහුණුලාභීන් තෝරාගැනීම හා ඔවුන්ගේ ආහාරපාන හා නවාතැන් සදහා වන මූල්‍යමය සහය විදාතා ඒකකය විසින් ලබාදෙන ලදී. ශ්‍රී ලංකාවේ ඇගළුම් හා පේෂකර්ම ක්ෂේත්රයේ ඇති විශීෂ්ඨතම පුහුණු ආයතනය වන ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යාපාර පුළුල් කිරීම හා සංවර්ධනය කිරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හා ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ සභාපතිනි නන්දනී සමරවික්‍රම, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් A. ලක්කදාස්, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ අධ්යක්ෂ ජනරාල් තරංග නලීන් ගම්ලත්, පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සේනානි සෙනෙවිරත්න, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ නිලධාරීන් , විදාතා ඒකකයේ නිලධාරීන්, පේෂකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ලෝකයට ගෙන යාහැකි සන්නාම සහිත භාණ්ඩ නිෂ්පාදනය පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
ලෝකයට ගෙන යාහැකි සන්නාම සහිත භාණ්ඩ නිෂ්පාදනය පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. – කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සන්නාම සහිත සහතිකලත් ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සදහා ලෝක වෙළද පළේ ඉහල ඉල්ලුමක් පවතින බැවින් එම අවස්ථාව ලබාගැනීමට දේශීය නිෂ්පාදකයින් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ දෙසැම්බර් 12 දින කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කළ කර්මාන්ත ක්ෂේත්රයට අදාල නවෝත්පාදන හා පර්යේෂණ රැසක් වාණිජකරණය කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි. මෙරට කර්මාන්ත ක්ෂේත්රයට අදාලව විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන මගින් සිදුකරන නවෝත්පාදන හා පර්යේෂණ වාණිජකරණය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය ආරම්භ කර ඇති වැඩසටහනේ 4 වන අදියර කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්විනි. අගය එකතු කළ තේ, කොහුබත්, කුළු බඩු, කිරි ආශ්රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ සහ ඇසුරුම්කරණ යන කර්මාන්ත ක්ෂේත්‍ර 6 ට අදාලව විවිධ පර්යේෂණ ආයතන හා විශ්ව විද්‍යාල විසින් සිදුකළ නවෝත්පාදන හා පර්යේෂණ 81 ක් අතරින් 16 දෙනෙක් ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් තෝරාගත් නවෝත්පාදන හා පර්යේෂණ 40 ක් වාණිජකරණය කිරීම මෙම වැඩසටහන මගින් සිදුකරන ලදී. කර්මාන්ත ක්ෂේත්රයේ මුලික අවශ්යතාවයයක් ඉටුකරමින් විශේෂයෙන්ම පර්යේෂණ ඒකක පවත්වාගෙන යාමට අපහසු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහයක් වෙමින් කර්මාන්ත අමාත්‍යාංශය මෙම වැඩහටහන ක්‍රියාවට නංවා ඇත. මෙම වැඩසටහන මගින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමටත් එම භාණ්ඩ අපනයන වෙළදපළ දක්වා ගෙනයාමටත් අවස්ථාව උදාවේ. මීට පෙර මෙම වැඩසටහන යටතේ වාණිජකරණයට ලක් කළ විවිධ භාණ්ඩ වර්ග 10 ක් මේ වන විට වානිජ මට්ටමින් නිෂ්පාදන කටයුතු සිදුකර දේශිය හා විදේශීය වෙළදපළ වෙත ඉදිරිපත් කර ඇත. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ සදහන් කළේය. “ලබන 2024 වසර අවසන් වන විට ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයට යහපත් කාලයක් උදාවන බවට විශ්වාසය පළ කළ හැකි හැකියි. පසුගිය වසර 2 තුළ රජය විසින් අනුගමනය කළ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය නිසා අපගේ දේශීය කර්මාන්තකරුවන් තුළ විශාල උත්තේජනයක් ඇති උනා. ඔවුන්ගෙන් යම් පිරිසක් තම නිෂ්පාදන වලින් දේශීය වෙළද පළ සංතෘප්ත කර අවසන්. දැන් ඔවුන්ගේ ඉලක්කය ජාත්‍යන්තර වෙළදපළ ජය ගැනීම. මෙහිදී ජාත්‍යන්තර වෙළදපළ ජයගැනීමට නම් ජාත්‍යන්තරයේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය යුතුයි. ඒ සදහා කර්මාන්ත ක්ෂේත්රය තුළ පර්යේෂණ සිදුකිරීම ඉතා වැදගත්. ඉන්දියාව හා චීනය ඇතුළු ජාත්‍යන්තර වෙළදපළ තුළ සන්නාම සහිත සහතික ලත් ගුණාත්මක භාණ්ඩ සදහා ඉතා හොද ඉල්ලුමක් පවතිනවා. ඒ නිසා සන්නාම සංවර්ධනය පිළිබදව අපගේ නිෂ්පාදකයන් සැලකිලිමත් විය යුතු අතරම නවින තාක්ෂණය යොදා ගනිමින් සන්නිවේදන හා ප්‍රචාරණ කටයුතු සිදුකිරීම පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි. “ එමෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කර ගන්මින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ භාණ්ඩ විදේශ වෙළදපළට ගෙන යාමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේය. මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක වමින්ද පතිරාජ ඇතුළු සෙසු අතිරේක ලේකම්වරුන්, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ.එස්.ප්‍රේමකුමාර, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා කමිටු වල සභාපතිවරුන්, තාක්ෂණීක කමිටුවේ සභාපති ආචාර්ය සුමත්රි සමරවික්‍රම අතුළු තාක්ෂණික කමිටු සාමාජිකයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරු, පර්යේෂකයින්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
දේශීය කර්මාන්ත ප්‍රදර්ශනය හා එහි ජයග්‍රාහකයන් ඇගයීමේ සම්මාන ප්රදානෝත්සවය
දේශීය කර්මාන්ත ප්‍රදර්ශනය හා එහි ජයග්‍රාහකයන් ඇගයීමේ සම්මාන ප්රදානෝත්සවය ක සාම්ප්‍රදායික කර්මාන්ත නිෂ්පාදන සදහා වෙළඳ පොළ වටිනා කමක් ලබා දිම තුළින් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණෙන් දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ දේශීය කර්මාන්ත ප්‍රදර්ශනය හා එහි ජයග්‍රාහකයන් ඇගයීමේ සම්මාන ප්රදානෝත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල හෝල් ඩි ගෝල් පරිශ්‍රයේදී පැවත්විණි. මෙහිදී වාර්ෂිකව පවත්වන අත් යන්ත්‍ර හා පේශකර්ම තරඟාවලියේ නිර්මාණ ප්‍රදර්ශනය , විලාසිතා දැක්ම හා නිර්මාණ කරුවන් ඇගයීම සිදුකෙරුණු අතර දකුණු පලාතේ සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන ප්‍රචලිත කිරිමේ අරමුණින් සිහිවටන නිර්මාණ තරගාවලිය හරහා සාම්ප්‍රදායික නිර්මාණ කරුවන්ගේ නිර්මාණ ඇගයීමද සිදුකෙරිණි. මෙම අවස්ථාවට හම්බන්තොට පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානී හර්වින්ද්ර සිං , පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය , රාජ්‍ය නිළධාරින් , සාම්ප්‍රදායික කර්මාන්ත නිර්මාණකරුවන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක නිර්මාණශීලී ප්‍රවේශයක් උදෙසා යෝජනා සංකථනයට ලක් කෙරේ..
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක නිර්මාණශීලී ප්‍රවේශයක් උදෙසා යෝජනා සංකථනයට ලක් කෙරේ.. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ “නිර්මාණ සහ නිර්මාණකරු සමඟ නිර්මාණාත්මක කර්මාන්ත සහයෝගීතාවය සාක්ෂාත් කර ගැනීම” සදහා වූ (Achievement of Creative Industry Collaboration with Design and Designer) වැඩමුළුව හා වටමේස සාකච්ඡාව දෙසැම්බර් 08 දින කොළඹ 10 TRACE මධ්‍යස්ථානයේදී පැවැත්විණි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව හා වට මේස සාකච්ඡාවේදී නිර්මාණශීලී ආර්ථිකයක් සදහා විවිධ ක්ෂේත්රවල දායකත්වය ලබාගැනීම පිළිබදව ක්ෂේත්රයේ නියලෙන්නන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයින්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් , රාජ්‍ය හා පුද්ගලික අංශයෙන් අදහස් හා යෝජනා ලබාගැනීමත්, 2024 ඉදිරි වර්ෂයේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා යෝජනා ලබාගැනීමත් , අරමුණ කොට තිබිණි. එසේම යෝජිත ජාතික නිර්මාණ කේන්ද්‍රස්ථානය පිලිබදවද අදහස් හා යෝජනා විමසීමද මෙම සාකච්ඡාවේදී සිදුවිණි. 1982 දී ආරම්භ කරනු ලැබූ ජාතික මෝස්තර මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර වල නිර්මාණකරුවන් බිහිකරන ප්‍රමුබතම රාජ්‍ය ආයතනය වන අතර ජාතික ආර්ථිකය නගා සිටු වීමට නිර්මාණාත්මක දායකත්වය ලබාදෙයි. මෙහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අදහස් දක්වමින් 2024 අයවැය ප්‍රකාශය මගින්ද නිර්මාණාත්මක ආර්ථිකයක් පිළිබදව විශේෂ අවධානයක් යොමුකර ඇති අතර මේ සදහා නව නිර්මාණ බිහිකිරීම ඉතා වැදගත් වන බවත් නව්‍ය නිර්මාණ වලින් තොරව වෙළදපළ ඉලක්ක ජයගත නෙහැකි බවත් පැවසීය. තවද නිර්මාණ නව්‍යකරණයට ලක්විය යුතු අතරම ඉන් දේශීය හා විදේශීය වෙළදපළ පහසුවෙන් ජයගැනීමට නිර්මාණකරුවන්ට හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරවත් සදහන් කලේය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සුභද්‍රා වල්පොල, චමින්ද පතිරාජ, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග, රාජ්‍ය හා පුද්ගලිත අංශයේ නිලධාරීන්, ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, නිර්මාණකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
දෘඪ ටයර් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තායතනයක් ඇරඹේ..
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින් දෘඪ ටයර් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තායතනයක් ඇරඹේ.. උසස් තත්ත්වයේ දෘඪ ටයර් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තායතනයක් ලෙසින් වැනේඩියම් ලංකා ආයතනය සිය මෙහෙයුම් කටයුතු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී ආරම්භ කෙරිණි. මෙම වැනේඩියම් ලංකා ලිමිටඩ් කර්මාන්ත ශාලාව 2019දී ආරම්භ කරනු ලැබුවත් රටේ පැවති ආර්ථික අර්බුද හමුවේ එහි නිෂ්පාදන සිදු කල හැකි මට්ටමට කර්මාන්ත ශාලාව අවසන් කරනු ලැබුවේ මේ වසරේදී වන අතර ඒ අනුව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු මෙලෙස ආරම්භ කිරීම සිදුවිය. වැනේඩියම් ලංකා ලිමිටඩ් ආයතනය Solid Force නම් උසස් තත්ත්වයේ දෘඪ ටයර් නිෂ්පාදනය කිරීමට විශේෂිත වන අතර අන්තර්ජාතික වෙලදපොලේ ෆෝක්ලිෆ්ට් සදහා මෙම ටයර් අපනයනය කරනු ලබයි. ඔවුන් පාරිභෝගික අවශ්‍යතාවයට අනුව දෘඪ ටයර් වර්ග තුනක් නිෂ්පාදනය කරන අතර අද වන විට යුරෝපිය වෙළදපොලට මුලික වශයෙනුත් රුසියාව, සිංගපුරුව ආදී යුරෝපයෙන් බැහැර රටවල සදහාත් සිය නිෂ්පාදන අපනයනය කිරීම සිදුකරනු ලබයි. මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේ ලෝකය තුළ දැනට දෘඪ ටයර් නිෂ්පාදන ක්ෂේත්රයෙන් අපේ රට හිමිකොට ගෙන ඇති තත්වය මෙවැනි කර්මාන්තායතනයන් ආරම්භ කිරීම සමගින් තවදුරටත් ප්‍රවර්ධනය වන බවත් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට එය රුකුලක් වන බවත්ය. එමෙන්ම අප රට හමුවේ ඇති චීනය සහ ඉන්දියාව යන විශාල වෙළෙඳපොළවල් දෙක වෙනුවෙන් අප නිෂ්පාදනයන් කිරීමට එළඹිය යුතු බවත් , වැවිලි ක්ෂේත්රය , ඇගළුම් ක්ෂේත්රය මෙන්ම අනෙකුත් සියළු කර්මාන්ත ක්ෂේත්රයන් නව වෙළෙඳපොළ තත්වයන්ට ගැලපෙන අයුරින් , අගය දාම එකතු කිරීම් සමගින් අපනයන ආදායම් වැඩිකරගැනීමට රටක් විදියට කටයුතු කලයුතු බවත්ය . මෙම අවස්ථාවට වැනේඩියම් ලංකා ලිමිටඩ්හි කළමනාකාර අධ්යක්ෂ චමින්ද විද්‍යාරත්න , ඩි .එස්.අයි.සමුහ ව්‍යාපාරයේ කලමනාකාර අධ්යක්ෂ කුලතුංග රාජපක්ෂ, ටයර් ක්ෂේත්රය හා සම්බන්ධ විදේශීය ගැනුම්කරුවන් , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.
“රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්රදානෝත්සවය පැවැත්වේ
අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත නිර්මාණකරුවන් ජාතික මට්ටමින් අගයමින් “රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්රදානෝත්සවය පැවැත්වේ කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, පළාත් කර්මාන්ත හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තු සමග එක්ව සංවිධානය කළ “රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්රදානෝත්සවය දෙසැම්බර් 06 දින කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණ. අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ක්ෂේත්රයේ නිර්මාණ කුසලතාව දිරිගැන්වීමේ අරමුණින් 1990 වසරේ සිට වාර්ෂිකව මෙම “රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශණය හා සම්මාන ප්රදානෝත්සවය සංවිධානය කරනු ලබන අතර මෙම සම්මාන ප්රදානෝත්සවයේදී නිර්මාණකරුවන් හා වියන්නන් ඇගයීම සිදුකරයි. තරග අංශ 21 ක් යටතේ පළාත් මට්ටමින් පැවැත්වූ අත්යන්ත්‍ර රෙදිපිළි තරග වලින් ජයග්‍රහණය කළ නිර්මාණ සියල්ල නැවත වතාවක් කොළඔදී පවත්වන ලද ජාතික තරගයකින් පසුව තෝරාගන්නා ලද නිර්මාණ සදහා මෙම සම්මාන ප්රදානය සිදු කරනු ලබයි. දෙසැම්බර් 06 දින පැවති “රන්සළු” ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්රදානෝත්සවයේදී අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ක්ෂේත්රයේ නිර්මාණකරුවන් හා වියන්නන් 129 ක් සදහා සම්මාන හා මුදල් ත්‍යාග පිරිනමන ලදී. මෙහිදී ස්වර්ණ සම්මානය, රජත සම්මානය, ලෝකඩ සම්මානය මෙන්ම එක් එක් අංශ වලින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් ජයග්‍රාහකයන්ට සම්මාන ප්රදානය කරන ලදී. එසේම හොදම පේෂකර්ම පාසල මෙන්ම හොදම ශිෂ්‍යයා වෙතද ඇගයීම් සම්මාන පිරිනමනු ලැබීය. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, 1970 දශකයේ ශ්‍රී ලංකාවේ පේෂ කර්මාන්තයේ විශාල දියුණුවක් පැවතියද විවෘත ආර්ථිකයත් සමග එම තත්වය පරිහානියට පත්වූ නමුත් වර්තමානය වනවිට නැවත පේෂකර්ම නිෂ්පාදන සදහා හොද වෙළදපොළක් නිර්මාණය වෙමින් පවතින බවයි. එසේම ඉදිරි දශක 2 අවසන් වන විට ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් බවට පත්වීමට ඉහළ අවස්ථාවක් ඇති බවත් ලෝකයේ ඉහළම ආර්ථික සංවර්ධන වේගයන් පවතින රටවල් 2 වන ඉන්දියාවේ හා චීනයේ පවතින අති විශාල වෙළදපළ අපට විවෘත වී ඇති නිසා වෙළදපලේ ඇති අවශ්‍යතාවය හා භාණ්ඩ වල ගුණාත්මකභාවය පිළිබදව සැලකිල්ලට ගනිමින් සන්නාමය, සහතිකය හා සන්නිවේදනයට මුල් තැන දීම වැදගත් බවත් වැඩිදුරටත් සදහන් කලේය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අදහස් දක්වමින් ජාතික ආර්ථිකයට පේෂ කර්මාන්තයෙන් ලබාදෙන දායකත්වය වඩා ඉහළ නැංවීමට නම් මෙම ක්ෂේත්රයේ සම්ප්‍රදායන් රැකගනිමින් මෝස්තර නව්‍යකරණයට ලක්විය යුතු බවත් ඒ සමගම නව තාක්ෂණය සමගද බද්ධ විය යුතු බවත් පැවසීය. මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සුභද්‍රා වල්පොල, A. ලක්කදාස්, නන්දනී සමරවික්‍රම, මහින්ද ලාල් ගුණතිලක, පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සේනානි සෙනෙවිරත්න, රාජ්‍ය නිලධාරීන්, සම්මානලාභීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.