Ceylon Heritage Festival Fashion Show
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රටතුළ ගොඩනැගීමට වැඩසටහන් රැසක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ඒ යටතේ දේශීය පාරම්පරික කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළක් හඳුන්වා දෙමින් අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකය ශක්තිමත් කිරීමේ නිර්මාණාත්මක හා නව්‍ය වැඩපිළිවෙළක් ලෙසින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් අපේ රටට ආවේණික දේශීය පාරම්පරික නිෂ්පාදන ඉහළ පෙළේ වෙළෙඳපොළට හඳුන්වාදීමේ අරමුණින් Ceylon Heritage Festival Fashion Show විලාසිතා දැක්ම ලෝක සංචාරක දිනය යෙදුණු සැප්තැම්බර් 27 වෙනිදා ගෝල් ෆේස් හෝටලයේදී පවත්වනු ලැබිණි.
එහිදී අපේ පාරම්පරික දේශීය නිෂ්පාදන වන බීරළු රේන්ද , බතික් , දුම්බර රටා නිමැවුනු අත් යන්ත්‍ර රෙදිපිළි , කෙසෙල් කෙදි , තල් කොල ආශ්රිත නිමැවුම් මෙන්ම දේශීයව නිමැවුනු පාරම්පරික ආභරණ ආදී ආදී නිර්මාණාත්මක ඇදුම් ආයිත්තම් යොදා ගනිමින් විලාසිතා විශේශාංග අවස්ථා හතරක් ලෙසින් Ceylon Heritage Festival Fashion Show තුළ නිර්මාණය කොට තිබුණි. මෙම අවස්ථාව නිර්මාණය කිරීමට නිර්මාණාත්මක දායකත්වය සරීටා රාජේන්ද්‍රන් සහ ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පිනී රමණී ප්‍රනාන්දු මහත්මිය ලබා දී තිබුනි. ඉදිරියේදී මෙම නිෂ්පාදන Haritage Hands යන සන්නාමය යටතේ වෙළෙඳපොළ වෙත හදුන්වා දීමටද නියමිත වෙයි.
කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය , ඔටාරා ගුණවර්ධන මහත්මිය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්වූ අතර විදෙස් තානාපති කාර්යාල නියෝජිතයන් , විදේශිකයන් , රංගන ශිල්පීන් , වෘත්තීයවේදීන් , ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.



