' Inco 2024 ' කර්මාන්ත ප්‍රදර්ශනය
‘ Inco 2024 ‘ කර්මාන්ත ප්‍රදර්ශනය කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් , ජනවාරි 12 දින උදෑසන කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතනය ( Institution of Incorporated Engineers Srilanka – IIESL) විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වූයේ 18 වෙනි වරට වන අතර ‘ආර්ථිකය සංවර්ධනය සදහා කර්මාන්ත හා තාක්ෂණය’ මෙවර ප්‍රදර්ශනයේ තේමාව විය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය වරයා සදහන් කළේ නිෂ්පාදන කර්මාන්තය දියුණු නොවීම රටේ ආර්ථික සංවර්ධනය අඩාලවීමට මූලික හේතුවක් වී ඇති බවත් එනිසා රට ආර්ථිකව සංවර්ධනය කිරීමට නම් අප ආනයනය අඩුකොට , ආනයන ආදේශන නිෂ්පාදන වැඩිකොට , අපනයන නිෂ්පාදනයන්ද වැඩිකරමින් අපනයනය වැඩිකළ යුතු බවයි. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ එලෙස සිදුකිරීමට අවශ්‍ය සියළු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රජයක් ලෙස ගෙන රටේ දේශීය නිෂ්පාදනයන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කරන බවයි.
මෙම ප්‍රදර්ශනයට ප්‍රදර්ශන කුටි 180 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කොට තිබූ අතර ඒ සදහා රටේ නිෂ්පාදන කර්මාන්තකරුවන් , කර්මාන්ත ක්ෂේත්රය හා බැදුනු රාජ්‍ය ආයතන , පාසල් , විශ්ව විද්‍යාල සිසුන් ප්රමුඛ අනෙකුත් නවෝත්පාදකයන්ද එක්ව සිටියහ.
මෙම අවස්ථාවට IIESL සභාපති භද්‍රානි තෝරදෙනිය , INCO සභාපති ඉංජිනේරු සෙනරත් රැකෝගම ඇතුළු INCO , IIESL නිළධාරින් , විවිධ කර්මාන්ත ආයතනවල නිළධාරින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.