ස්විස්ටර්ලන්ත තානාපතිවරයා " Industry 2023 " ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට ඒක්වෙමින් .,

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ ප්‍රදර්ශණයය නැරඹීමට එක්වූ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆන්ග්ලර් මහතා ස්විස්ටර්ලන්තය ප්‍රමුඛ යුරෝපා රටවල පවතින සුවිශාල වෙළඳපළට පිවිසීමට ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ට ආරාධනා කළ අතර, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන වල පවතින ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමට ලක්කළේය. එසේම කර්මාන්තකරුවන් වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙල සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉලක්කගත අරමුණු කරා ඉකිමනින්ම ලඟාවීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවද තානාපති ඩොමිනික් ෆන්ග්ලර් මහතා විශ්වාසය පළකළේය.