Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය අභිමානවත්ව ඇරඹේ...
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සැප්තැම්බර් 02 දින උදෑසන ආරම්භ කෙරිණි.
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් උතුරු පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු කරනු ලබයි.
එහීදී අදහස් දක්වමින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සදහන් කළේ , අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට උතුරු පළාතත් එක්කර ගැනීම සදහා මෙම කර්මාන්ත ප්‍රදර්ශනය පවත්වන බවත් , ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් රට සංවර්ධනය කරා ගමන් කරවීම රජයේ අපේක්ෂාව බවත් සදහන් කළේය.
මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස් එම් සමන් බන්දුලසේන, ලංකා කාර්මික සංවර්ධන මනමැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා , ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ , ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ , කහටගහ ග්‍රැෆයිට් ලංකා සභාපති ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් පී. වකීසන්, අතිරේක දිසාපති මරුතලින්ගම් පීරතීපන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී තිරෙස්කුමාර්, ප්‍රාදේශීය ලේකම් පී.එම්.ඒ.කේ.කුමාර, ප්‍රාදේශීය ලේකම් එන් කමලතසන්, උදුවිල් ප්‍රදේශයේ ලේකම් තවසෙල්වම් මුහුන්තන්, තෙල්ලිප්පලයි ප්‍රාදේශීය ලේකම් ශන්මුගරාජ් සිවසිරි, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍යාංශය ලේකම් ආර්.වරතලින්ගම්, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.මොහන්තන්,පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. පැට්‍රික් දිරන්ජන් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.



