ProFood ProPack 2023 ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති Srilanka Food Processors Association විසින් කර්මාන්ත අමාත්‍යංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් සංවිධානය කළ ProFood ProPack 2023 ප්‍රදර්ශනය සදහා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්විය. 

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ නව ලොව හා යාවත්කාලීන වූ ආහාර තාක්ෂණය මෙන්ම ඇසුරුම්කරන තාක්ෂණය මෙවැනි ප්‍රදර්ශනයන් හරහා ජනගත කිරීම තුළින් රජය අපේක්ෂා කරන අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයට ආහාර ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි දායකත්වය ඉහළ නැංවීමට ප්‍රභල උත්තේජනයක් ඇති කළ හැකි බවයි.