Sixth ASEAN Inclusive Business Summit පැවැත්වේ..

ඉන්දුනීසියානු රජය, ආසියාන්( ASEAN) ලේකම් කාර්යාලය සහ OECD එක්ව ඉන්දුනීසියාවේ බාලි හිදී අගෝස්තු 23 සිට 25 දක්වා සංවිධානය කෙරුණු Sixth ASEAN Inclusive Business Summit සදහා සම්පත් දායිකාවක් ලෙස කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් J.M.තිලකා ජයසුන්දර මහත්මිය එක්වූවාය. එහිදී එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ UNESCAP හි විධායක ලේකම් Armida Salsiah Alisjahbana හමුවී පෞද්ගලික අංශයේ තිරසාර උපාය මාර්ගික අංග ක්‍රියාවට නැංවීම සඳහා UNESCAP වෙතින් ලබාගත හැකි විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළාය. එහිදී ඊට ඇතුළත් සහය දෙන ආයතන ඇතුළුව ව්‍යාපාර ආකෘති සංවර්ධනය කිරීම, තිරසාර ව්‍යවසායන් සඳහා සහාය වීම සඳහා නව්‍ය මූල්‍ය යාන්ත්‍රණයන් සංවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම ආදී කරුණු රැසක් සාකච්ඡා කළාය.