' පාසල් ව්‍යවසායකත්ව කව ' ආරම්භ වේ..
” අපිට අවශ්‍යයි මේ දරුවන්ගේ සිතේ සිහිනයක් ඇති කරන්න. ඒ සිහිනය අනාගත ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ සිහිනයයි. එය යථාර්ථයක් කරන්න තමයි අපි පාසල් ව්‍යවසායකත්ව කව ආරම්භ කරන්නෙ “
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එලෙස ප්‍රකාශ කළේ කර්මාන්ත අමාත්‍යංශය , අධ්‍යාපන අමාත්‍යංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දිවයින පුරා පාසල් කේන්ද්‍ර කොට ගෙන ආරම්භ කරන ලද ‘ පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ‘ වැඩසටහනේ ජාතික උත්සවය කොළඹ නාලන්ද විද්‍යාලයේදී අද ජුනි 27 උදැසණ පැවති අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.
” පාසල් කාලයේ පටන්ම දරුවන් ජාතික ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට දායක කරගැනීමේ අරමුණින් තමයි මෙම ව්‍යාවසායකත්ව කව අප ආරම්භ කරන්නෙ. වර්තමානයේ මෙරට ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2.8 % ක් වැනි ඉතාම අඩු අගයකයි තියෙන්නෙ. එය 2030 වනවිට 10% දක්වා වැඩි කරගැනීම තමයි අපේ අරමුණ. ඒක ආරම්භ කරන්න වෙන්නෙ මේ විදියට පාසල් පද්ධතිය තුළිනුයි.
ඉන් පසුව තෘතීයික අධ්‍යාපනය ලබා දෙන ආයතන තුළිනුයි “
ජුනි 22 සිට 28 දක්වා ක්‍රියාත්මක ජාතික කර්මාන්ත සතියේ අද දිනය පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව පිහිටුවීමේ දිනය (School Industry Entrepreneurship Circles Establishment Day ) ලෙසින් තේමාත්මකව නම්කොට ඇති අතර එයට සමගාමීව මෙම ‘ පාසල් ව්‍යවසායකත්ව කව ‘ ආරම්භ කිරීම සිදුකෙරිණි.
රටේ ආර්ථික වර්ධනය උදෙසා ව්‍යවසායකත්ව නායකත්වයන් පාසල තුලින්ම හදුනාගෙන ඔවුන්ව දිරිමත් කරමින් අනාගත දක්ෂ ව්‍යවසායකයින් බවට පත්කිරීමට අවශ්‍ය වන්නාවූ අඩිතාලම පාසලේදීම ලබාදීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණයි. ඒ ඔස්සේ ජාතික නිෂ්පාදනයට ක්‍රියාශීලි හා ඵලදායි ලෙස දායක විය හැකි ව්‍යවසායකත්වය පෙර දැරිකරගත් සිසු පරපුරක් සමාජ ගත කිරීමට පාසැල් යොමු කිරීම ,
කර්මාන්ත බිහි කිරීමට හා නව උත්පාදන සඳහා අවශ්‍ය වන්නා වූ ව්‍යවසායකත්ව සංස්කෘතියක් හා මානසිකත්වයක් සමස්ත රට තුළ ගොඩ නැඟිම , රැකියා අපේක්ෂාවෙන් අධ්‍යාපනය හදාරන්නකු නොව රටේ පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන රැකියා නිර්මාණය කරන්නකු පාසැල් තුළින් සමාජයට එක් කිරීම, සමාජයේ කවර හෝ පුද්ගල භූමිකාවක සාර්ථක ලෙස කටයුතු කිරීමේ හැකියාව ලබාදීම සඳහා ව්‍යවසායකත්ව නිපුණතා අත්පත් කර දීම සහ අභියෝග හමුවේ එයට ප්‍රතිචාර දක්වමින් එය තමාගේ වාණිජමය අවස්ථාවක් බවට පත් කරගත හැකි දෙපයින් නැඟී සිටින ශ්‍රී ලාංකිකයකු බිහි කිරීම ආදි කරුණු රැසක් සාක්ෂාත් කරගැනීම පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ‘ හරහා අපේක්ෂා කරයි.
දිවයින පුරා වන පාසැල් 10,146 ක් අතුරින් සෑම දිස්ත්‍රික්කයක්ම , සෑම අධ්‍යාපන කලාපයක් ම ආවරණය වන ලෙස සිංහල, දෙමළ , මුස්ලිම් පාසැල්ද ඇතුලත් වන ලෙසට තෝරාගත් පාසල් 100 ක අද දින මෙම ජාතික උත්සවයට සමගාමීව පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ආරම්භ කළ අතර මේ වසර අවසානයේ එය පාසල් 300 ක් කරාත් 2024 අවසාන වනවිට එය පාසල් 3000 ක් කරා රැගෙන යාමත් අපේක්ෂා වෙයි.
මෙම උත්සව අවස්ථාවේදී ‘පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ‘ නිල ලාංඡනය එළි දැක්වීම , කර්මාන්ත ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය උදෙසා පාසල් සිසුන් අතර ක්‍රියාත්මක කරන ජාතික තරග ප්‍රකාශයට පත්කිරීම , සිසු මාර්ගෝපදේශන අත්පොත එළි දැක්වීම සිදුකරනු ලැබිණි. එමෙන්ම මෙහිදී කර්මාන්ත අමාත්‍යංශය , ලේක්හවුස් ආයතනය හා එක්ව එළි දක්වන ‘පෙරට’ සගරාවේ පළමු පිටපත අමාත්‍යවරයාට පිළිගැන්වීමද සිදුකෙරිණි.
උත්සව අවස්ථාව විචිත්‍ර කරමින් නාලන්ද විද්‍යාලයේ සිසුන් විවිධ ඉදිරිපත් කිරීම් සිදුකළ අතර ඒ අතරින් හත ශ්‍රේණියේ දිනරු කරුණාරත්න මෝටර් රථ විෂය කොට ගත් නවෝත්පාදන සංකල්පයක්ද ඉදිරිපත් කළේය.